Colombo Today Local News

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවායි.

ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට මෙවර දෙදෙනෙක් හිමිකම් කියනවා. ඒ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් යන සිසුන් දෙපලයි.

තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව ඇති අතර, පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනවා.

ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164කි.

නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 158ක් වන අතර,

බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 160කි.

එමෙන්ම හම්බන්තොට කඩයිම් ලකුණ 162 වන අතර වව්නියාව කඩයිම් ලකුණ 161කි. අම්පාරේ 159කි.

 

Related posts

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කොළඹ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin