Colombo Today Local News

වරාය ඇමති අර්ජුණ ඉවත් කරනතුරු වෘත්තීය සමිති 17ක් අඛණ්ඩව සටනේ

arjuna haboure

අර්ජුණ රණතුංග මහතා වරාය හා නාවික අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන තුරු වරාය සේවක වෘත්තීය සටන අඛණ්ඩව ගෙන යන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු හා වරාය ජාතික සේවක සංගම් ශාඛාවේ සභාපති උදේනි කළුතන්ත්‍රි මහතා පවසයි.

ඒ අනුව දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සටන ඉදිරි දින දෙක තුළ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔහු පවසයි.

මේ වන විට වරායට රුපියල් කෝටි 800 ක පමණ පාඩුවක්‌ සිදුකරමින් අත්තනෝමතික පවුල් පාලනයක්‌ ගෙන යන ඇමැති රණතුංග මහතා වහාම ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙස රජයට බල කරමින් ඉදිරියේදී සමස්‌ත වරාය සේවක වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවැසීය.

වරාය සේවක වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෘත්තීය සමිති නායකයන්, නිලධාරීන් ඇතුළු සේවකයන් හට තර්ජනය කරමින් බැණ වදිමින් පළිගනිමින් දැඩි මර්දනකාරී පාලනයක්‌ ගෙන යන ඇමැතිවරයා සහ ඔහුගේ සොහොයුරු වරාය සභාපතිවරයා ඉවත්කරන තුරු වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 17 ක්‌ මෙම සටන ගෙන යන බවද කළුතන්ත්‍රි මහතා වැඩිදුරටත් පැවැසීය.

දිවයින

Related posts

ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන (Video)

colombotoday

නව වසරේත් 2දා සිට සුපුරුදු අඳුරේ…

Admin

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

එළදෙනුන් ගැබ් ගැනීම වසර පහක් තිස්සේ අඩාල වෙලා – දේශීය කිරිපිටි නිෂ්පාදනයේ අඩුවීමක්

colombotoday

මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්… 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin