Colombo Today Local NewsNew Constitution

වියන්ගොඩ, බාහු මල්වතු නාහිමි හමුවෙයි.. අලුත් ව්‍යවස්ථාව හොදායි කියා රටට කියන්නැයි ඉල්ලයි !

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පුරවැසි බලය සංවිධානයේ ගාමිනී වියන්ගොඩ, වික්‍රමබාහූ කරුණාරත්න, කේ.ඩබ්. ජනරංජන ඇතුළු පිරිසක් අද (03) මල්වතු නාහිමියන් හමුවිය.

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහමිවේ යැයි කරන ප්‍රකාශ සත්‍ය නොවන බවත්, ඒකීය රටක් තුල බලය බෙදන බවත් ඔවුහු නාහිමියන් හමුවේ කියා සිටියේය. ඊයේ (02) දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ මල්වතු නාහිමියන් නව ව්‍යවස්ථාවට පක්ෂව අදහස් දැක්වීම අගය කළ එම පිරිස, තමන්ට අවශ්‍ය වන්නේ එවැනි සංඝ පීතෘවරයන් යැයි ද කියා සිටියේය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ දේශපාලකයන් බොරු ප්‍රචාරය කරන බවත්, නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හා රටට හානියක් නැතැයි කියා ජනතාව දැනුවත් කරන ලෙසත් පුරවැසි බලය නියෝජිත පිරිස මල්වතු නාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

colombotoday

“පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් රට පුරා, තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න”

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday