මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස අග භාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග පැවති දුරකතන සංවාදයකදී ය.
හැකි සෑම අවස්ථාවකදීම ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී ඇතැයි, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.