Colombo Today Local News

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

අනාගතය අද යයි පවසමින් සිය ව්‍යාපාරික කටයුතු මෙහයවන ඩයලොග් ආසියාටා සමාගමේ පාරිභෝගිකයින්ගේ දුරකතන ඊයේ දින පැයතුනකට ආසන්න කාලයක් බිද වැටීම නිසා ඩයලොග් පාරිභෝගිකයින් විශාල පිරිසක් අපහසුතාවයට පත්වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

යුනියන් පෙදෙස ඩයලොග් මූලස්ථානයට තමන් යන විටත් විශාල පාරිභෝගික සංඛ්‍යාවක් කාර්යාලය තුළ රැදී සිටි බව පවසන පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා හැකි ඉක්මනින් කෙටි පණිවුඩයක් මගින් ඇති වී ඇති තත්වය පිළිබදව සම්බන්ධතාවය අකීය නොවූ පාරිභෝගිගයින් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිබවත් එහෙත් අදාල සමාගම එසේ කෙටි පණිවිඩ යැවීමට කටයුතු කර නැති අතර ඒ පිළිබදව සිය සංවිධානයේ විරෝධය පකාශ කරන බවත් අප වෙත පැවසීය.

ඇති වූ සිදුවීම පිළිබදව තවමත් සිය පාරිභෝගිකයින්ට කණගාටුව පළ නොකළ ඩයලොග් සමාගම තම පාරිභෝගිකයින්ට සලකන ආකාරය එයින් පෙනී යන බවද සදහන් කළේය.

ඩයලොග් ආයතනයේ පාරිභෝගික සේවා අංශයට ඇමතුමක් ගත් විට අද දින 90% ක් පමණ පාරිභෝගිකයින්ගේ සම්බන්ධතා අකීය වී ඇති බව පිලිගත් නමුත් ඒ සම්බන්ධයෙන් ආයතනය ගත් කියාමාර්ග පිළිබද කිසිම සදහනක් කර නැති බව සභාපතිවරා වැඩිදුරටත් පැවසීය කෙසේ වෙතත් අසාධාරණයට පත්වූ ඩයලොග් පාරිභෝගිකයින් වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටිමින් ඔවුන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කටයුතු කරන බවද රංජිත් විතානගේ මහතා පැවසීය.

විදුලි සංදේශණ කොමිෂන් සභාවටද මේ පිළිබදව පැමිණිලි කරන බවත් මෙම සිදුවීමේදී ඩයලොග් ආයතනය හැසිරැනු ආකාරය පිළිබදව විරෝධය පල කරමින් ආයතනය ඉදිරිපස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මෙම සමාගමට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් පවසන ඒ මහතා ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයාට වූ අපහසුතාවය සදහා ඩයලොග් සමාගම වන්දි ගෙවීමට කටයුතු කල යුතු බවයි.

Related posts

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා – බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

Admin

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

බස් රථයේ හිරිහැර – මගීන්ගේ සටනින් සැකකරුවන් අල්ලයි

Admin

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday

ෆොන්සේකා භාරයේ තිබූ වනජීවී අමාත්‍යංශයේ සුපිරි ජීප් රියක් අතුරුදන් – රහස් පොලීසියට පැමිණිලි

colombotoday