ජීනීවා නුවර මානව හිමිකම් සැසිවාරය පැවැත්වන අතර වාරයේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් ශ්රී ලංකාවට එරෙහිව විරෝධතාවක නිරත විය.
ශ්රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ඊට ජගත් මානව හිමිකම් කවුන්සිලය මැදිහත් වන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ.
මෙහිදී එල්ටීටිඊ නායක වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ අනුරුවක් සහිතව ඔවුන් විරෝධතාවයේ නිතර වී ඇත.
කෙසේ වෙතත් ජිනිවා සමුළුව හමුවේ කරුණු දැක්වීමට ගෝලීය ශ්රී ලංකා සංසදය ද සූදානමින් සිටින අතර, ඒ සඳහා සහභාගී වීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ එම සංගමයේ සම සභාපති කීර්තිරත්න ඇතුළු පිරිසක් මේ වන විට ජිනීවා නුවරට ගොස් තිබෙනවා.