World

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් රුසියාව සමග ව්‍යාපාරික සබඳතා අත්හැරීමට ජාත්‍යන්තර බහුජාතික සමාගම් රැසක් මේ වනවිටත් පියවර ගෙන ඇති අතර, නෙට්ෆ්ලික්ස් සිනමා මාධ්‍ය නාලිකාව සහ ටික්ටොක් වීඩියෝ හුවමාරු සමාජ මාධ්‍යය ඊට එක් වී ඇති නව සන්නාමයන්ට ඇතුළත්.

රුසියානු ජාතික මාධ්‍ය සමූහය සමග සිය මෙහෙයුම් පවත්වාගෙන යන නෙට්ෆ්ලික්ස්හි රුසියානු ග්‍රාහක සංඛ්‍යාව මිලියනයක් පමණ වේ.

ඊට පෙර වෝල්ට් ඩිස්නි, පැරමව්න්ට්, සෝනි කෝපරේෂන් සහ වෝනර් මීඩියා ආදී හොලිවුඩ් සිනමා සමාගම් සිය චිත්‍රපට රුසියාවේ ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබිය.

ටික්ටොක් සමාජ මාධ්‍යය රුසියානු මෙහෙයුම් අත්හිටුවා ඇත්තේ, ව්‍යාජ පුවත් ලෙස රුසියාව හඳුන්වන නව නීතිය ඊට බලපෑමේ අවදානම හේතුවෙනි.

එම නීතිය මඟින් යුක්රේන යුද්ධයට එරෙහි විවේචකයන් නිහඬ කිරීමට ජනපති පුටින් උත්සාහ දරන බවට බටහිර රටවල් චෝදනා කරයි.

රුසියානු රජය පසුගිය සිකුරා දා එරට තුළ ෆේස්බුක් සමාජ මාධ්‍යය ද අවහිර කරනු ලැබිය.

සැම්සුන්, නයික්, ඇපල් ආදි ජාත්‍යන්තර සන්නාමයන් රැසක්ම මේ වනවිට රුසියාවෙන් නික්මී අවසන්.

Related posts

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

colombotoday

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday