Colombo Today Local News

ජනතා මුදල් එකතු කරදී අවුරුද්දකට වැඩියි.. පෙට් ස්කෑනරය සවිකරන කුටියවත් තවමත් හදා නෑ !

මහජන මුදල් ආධාරවලින් ගෙන්වන පෙට් ස්කෑන් යන්ත්‍රය ලබන නොවැම්බර් මාසය වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

එය රෝහ‍ලේ ස්ථාපිත කිරීම සඳහා සෑදිය යුතු විශේෂ කුටිය මේ වන විටත් සාදා නොමැතිකම පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒම ප්‍රමාද වීමට හේතුවක් වී ඇතැයිද, පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන ආවද එය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපට ආසන්න රටකින් ගෙන්වා ගත යුතු බැවින් ඒ පිළිබඳව ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

පෙට් ස්කෑනරය මිලදී ගැනීම සදහා අවශ්‍ය වන කෝටි 20ක මුදල මහජන ආධාරවලින් සපුරා දුන්නේ පසුගිය වසරේ ජූනි මාසයේය.

Related posts

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

Admin

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

colombotoday

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

Admin