මාලඹේ සයිටම් ආයතනය අහෝසි නරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය විසින් පවත්වන විරෝධතා රථ පෙළපාළියේ සිව්වන දිනය වන අද (15) එය කොළඹට පැමිණීමට නියමිත ය.
මේ වනවිට එම පෙළපාළිය හලාවත, ගම්පහ, කෑගල්ල, හොරණ, සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආරම්භ වී ඇති අතර ඊට සමගාමීව පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල අද පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා වෛද්‍ය වර්ජනයක්ද ක්‍රියාත්මක වේ.
කොළඹට පැමිණෙන රථ පෙළපාළිය අද පස්වරු 2.00ට ලිප්ටන් වටරව්මේදී ප්‍රධාන ජන රැලිය පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.