Colombo Today Local NewsWorld

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිට පලා ආ සිය දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් නැවත බාර ගන්නා ලෙස බංග්ලාදේශ අගමැති මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

අහිංසක ජනතාව පිඩා විඳින මෙවැනි අවස්ථාවක මානව හිතවාදී අයුරින් කටයුතු කරන ලෙස 12 අඟහරුවාදා සරණාගත කඳවුරක සංචාරයේ නිරත වී සිටි අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා ප්‍රකාශ කර ඇත.

රොහින්ග්‍යා ඉස්ලාමීය ජිහාඩ් කල්ලිවලට එරෙහිව පසුගිය මාසයේ මියන්මාර් හමුදා මෙහෙයුම් ආරම්භ වීමත් සමග රෝහින්ග්‍යා වාසීන් ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් දේශසීමා තරණය කොට බංග්ලාදේශය වෙත පලා ගොස් තිබේ.

“මගේ පැහැදිලි පෞද්ගලික පණිවිඩය නම්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් මෙම අවස්ථාව දෙස බැලිය යුතුයි කියන එකයි,” යනුවෙන් බංග්ලාදේශ නිල කඳවුරක් වන කුටුපලොන්ග් වෙත පිවිසි අග්‍රාමාත්‍යවරිය BBC පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. “මොකද මේ ජනතාව ළමයි, කාන්තාවන්, අහිංසක මිනිස්සු පිඩා විඳිනවා. මේ පිරිස අයිති වන්නේ මියන්මාරයට. වසර සිය ගණනක් ඔවුන් ජිවත් වුනේ එතැන. ඉතින් කොහොම ද මේ ජනතාව ඔවුන්ගේ පුරවැසියන් කියන කාරණය ප්‍රතික්ෂේප කරන්නේ?”

තමන් රෝහින්ග්‍යා කැරලිකරුවන් සමග සටන් කරන බවත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගන්නා බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මියන්මාර ආරක්ෂක අංශ පවසයි.

රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයක් බංග්ලාදේශයෙන් මියන්මාරයට සංක්‍රමණය වූවන් වන අතර, ඔවුන් තම පුරවැසියන් ලෙස පිළිගැනීමට මියන්මාර් රජය සූදානම් නැති අතර, බංග්ලාදේශ රජයද ඔවුන් නැවත තම රටට බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.

Related posts

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

ජනපති කෙන්යා යයි…

colombotoday

එජාප සමුළුවට ආ ඉතිහාසගත ජන ගංගාව දැක, ගම්මන්පිලට, වීරවංශට තරු පෙනිලා

colombotoday

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

Admin