Colombo Today Local News

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් පන්කෝටි අනූ අට ලක්‌ෂයක (59800000) අතිරේක මුදලක්‌ වැය කළ බව දන්වමින් ඊයේ (06 දා) සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ ප්‍රතිපාදන අංක දෙකක්‌ යටතේ ඉහත රුපියල් පන්කෝටි අනූ අට ලක්‌ෂයක මුදල වියදම් කළ බවද පරිපූරක ඇස්‌තමේන්තුවේ දැක්‌වේ.

මිලදී ගැනීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ රුපියල් පන්කෝටි අනූ අට ලක්‌ෂයක (59800000) මුදලක්‌ වැය කර ඇති බවට පරිපූරක ඇස්‌තමේන්තුවේ දැක්‌වේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයාට නිල නිවස නවීකරණයට රුපියල් එක්‌කෝටි හැත්තෑහය ලක්‌ෂ තිස්‌ අට දහසක්‌ ද, විපක්‍ෂ නායක වරයාගේ නිල නිවස අලුත්වැඩියාවට රුපියල් දෙකෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ ද ඉල්ලා ඇත.

තවද ජනාධිපතිවරයා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහන බදු කුලී සඳහා වන ඌණතාවක්‌ වෙනුවෙන් රුපියල් හාරලක්‌ෂ අනූ පන්දහසක්‌ ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහනයේ බදු කුලී ප්‍රතිපාදන ඌණතාව වෙනුවෙන් රුපියල් හැත්තෑපන් ලක්‍ෂ හතළිස්‌ පන්දහසක්‌ද ඉල්ලා තිබේ.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

Related posts

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි සහ තැරැව්කරු පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න යයි ?

colombotoday

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday