Colombo Today Local News

පුත්තලමේ මහ ව්‍යසනයක්.. පිළිකාකාරක බැර ලෝහ තොග පිටින් පරිසරයට මුදාහරී.. බලධාරීන් නිදි (Photo)

උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් ලෙස සැලකෙන බැරලෝහ අඩංගු ඊයම් උණු කිරීමේ මහා පරිමාණ කූට ජාවාරමක නිරතවන ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනාතවිල්ලුව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයට අයත් වට්ටකන්ඩල් ග්‍රාම නිළධාරි වසමේ මී ඔය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් දැනට මාස ගණනක සිට ඉතාමත් සූක්ෂමව පවත්වාගෙන යන බවත් ඒ හේතුව සිසාවෙන් මේ වන විට උග්‍ර ගැටළු රැසක් පැන නැගී ඇති බව කියයි.

මෙම ඊයම් උණු කිරීමේ කූට ජාවාරමේ නිරතවන්නන් සංවිධානාත්මකව මෙම ජාවාරම වසර ගණනාවක සිට ස්ථාන කිහිපයකදී නීති විරෝධි ලෙස සිදුකරගෙන ගොස් ඇති අතර, එම ප්‍රදේශයන්වලදී ඇතිවූ ජනතා ආරවුල් මත මෙම කර්මාන්තය මී ඔය යාබදව පවත්වාගෙන යනු ලබන බව කියයි.

මෙම බැටරි උණු කිරීමේ ස්ථානය මේ වන විට පවත්වා ගෙන යනු ලබන්නේ රජය සතු මී ඔය ඇළරක්ෂිතයක බවත්, ඉන් ඔබ්බට අක්කර 50ට ආසන්න ඝණ කැලෑවකින් ආවරණය වී තිබූ පුද්ගලික ඉඩමක් මේ සදහා යොදා ගෙන තිබෙන බවටයි ගම්මුන් චෝදනා කරන්නේ.

මොහුන් ප්‍රදේශයේ ඉතා රහසිගත ලෙසත් සූක්ෂම ලෙසත් මෙම ඊයම් උණු කිරීමේ ස්ථානය පවත්වාගෙන යන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මොවුන් වාහන වලින් ඉවත දමන ලද පරණ බැටරි වාහන යොදා ගනිමින් රැගෙන විත් එම ස්ථානයේදී උණු කර ඇති බවත්, එහින් ඉවත දමන උපද්‍රවකාරී අපද්‍රව්‍ය අඩංගු ඊයම් සහිත බැරලෝහ ස්භාවික පරිසරට මුදාහැරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ස්ථානය කිසිවෙකුටත් නොදැනෙන ලෙස රහසිගතව පවත්වාගෙන යාමට ජාවාරම් කරුවන් ඉතා සූක්ෂමව කටයුතු කර ඇති බව පෙනී යයි.

මෙම ජාවාරම හේතුවෙන් අධි උපද්‍රවකාරී ද්‍රව්‍යයක් වන බැරලෝහ පරිසරයට මුදා හැරීම මගින් බරපතල පාරසරික ගැටළු රැසකට ඉදිරියේ දී ජනතාවට මුහුණ දීමට සිදු වන බව විද්‍යාත්මක හෙළිදරව් වී තිබේ.

මෙම පුද්ගලයින් ප්රනදේශයේ නීති විරෝධි ලෙස මී ඔය ආශ්රිහතව පිහිටා ඇති හිස් ඉඩම් වෙත විශාල වශයෙන් මෙම ඊයම් මිශ්‍ර අබලි ද්‍රව්‍ය දැනට මාස ගණනාවක සිට රහසිගතව බැහැර කර ඇති බවට ප්‍ර දේශවාසී ජනතාව චෝදනා නගයි.

මෙම ඊයම් මිශ්‍ර අබලි ද්‍රව්‍ය බැරලෝහ කාණ්ඩයට අයත් බවත්, මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සදහා බල පත්‍රයක් පරිසර අධිකාරියෙන් ලබාගත යුතු බවත්, ඒවා බැහැර කිරීම සදහා කිසිසේත්ම මෙම පරිසරය සුදුසු නැති බවද, මෙම සුන්බුන් බැහැර කිරීමෙන් ප්රසදේශවාසීන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ දැඩි අවධානම් තත්ත්වයක් උද්ගත වී ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

තවද, ජලජ ජීවින්ට ඉතාමත් අහිත කර ලෙස බලපාන මෙම රසායනික ද්‍රව්‍ය නිසාවෙන් මී ඔය ආශ්‍රිත මත්ස්‍ය සම්පති සීග්‍රයෙන් වැනසී යන බවත්, මී ඔය ආශ්‍රිත මත්ස්‍ය සම්පතවදවී යාමේ තර්ජනයට ලක්ව ඇත්තේ මේ අහිතකර බලපෑම් නිසාවෙන් බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම ඊයම් මත්ස්‍යයන්ගේ සිරුරේ තැන්පත් වීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට ගැනීමෙන් පසු මිනිස් සිරුරේද ඊයම් තැන්පත් වන බවත්, මේ හේතුවෙන් බිහිවන දරුවන්ද, වැඩි පිරිසක් නිල්දරු උපත්, අංගවිකල, මන්ද බුද්ධික වැනි රෝග වලින් පෙලෙන පිරිසක් බවට පත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

තවද මේ හේතුව නිසාවෙන් වන සිව්පාවුන්ට මහත් පීඩාකාරි හිංසනයක් සිදුවන බවත්, මෙම ඊයම් උණු කිරීමේ ජාවාරම සදහා යොදා ගැනෙන ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් පසු නැවත බදුන් වල තැන්පත් කර තිබීමෙන් සතුන් ඒවා පරිභෝජනය කිරීමෙන් පසු විවිධ රෝගාබාධ වලට ලක්වන අයුරු දක්නට ලැබේ.

මෙවැනි සාපරාධි ක්‍රියාවන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කාර්යාලය හෝ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව, වනාතවිල්ලුව ප්‍රජා පොලිස් ඒකකය තුට්ටුවකටවත් මායිම් නොකිරීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

සටහන සේයා රූ
පුත්තලම කේ. ප්‍රියංකර

 

Related posts

යුද්ධයෙන් මියගිය කතා නවතා ගංවතුරින් විපතට පත් ජනතාවට පිහිට වෙන්න යුද හමුදාපති ඩයස්පෝරාවට කියයි

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

ඥාණසාර හිමි සිරගත කිරීම දීර්ගකාලීන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් – අස්ගිරි මහා ලේඛකාධීකාරී හිමි

colombotoday

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday