Colombo Today Local News

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ලතින් ඇමරිකානු අධිකරණ පහකදී ගොනුකර ඇති යුද අපරාධ නඩුවල සාක්‍ෂිකරුවන් ලෙස දක්‌වා ඇත්තේ බිහිසුණු යුද අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන් 50 ක්‌ බව අනාවරණය වී ඇත.

මේ නඩුවලට පෙනී සිටීම ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම යුද අපරාධ නඩුවල පැමිණිලිකාරිය ලෙස කටයුතු කරන්නේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකායි.

ඇය ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් කමිටුවේ සාමාජිකාවක්‌ ලෙසද ක්‍රියා කර ඇත.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව පවරා ඇති මේ නඩු වලට මුදල් වැයකරන්නේ කොටි ඩයස්‌පෝරාවයි.

වන්නියේ රෝහල්වලට බෝම්බ දැමීම, පුලිතේවන්, කොටි පොලිස්‌පති නඩේසන් ඇතුළු කොටි ඝාතනය කිරීම, වධකාගාර පවත්වාගෙන යැම යන සාවද්‍ය චෝදනා රැසක්‌ ජගත් ජයසූරිය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇත.

මේ අතර ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසුවේ ජෙනරාල් ජයසූරිය මහතා ලතින් ඇමරිකානු අධිකරණවල නීති පද්ධතිවලට යටත් නොවන නිසා එකී නඩුවලට කිසිසේත් පෙනී නොසිටින බවයි.

යස්‌මින් සුකා මේ නඩු ගොනු කර ඇත්තේ ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යන නීතිය මතය.

මෙයට පෙර ඇමරිකානු අධිකරණය හමුවේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි පැවැරූ යුද අපරාධ චෝදනා නඩුවද ඇමරිකානු අධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇත.

යස්‌මින් සුකා විසින් ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව ආජන්ටිනාව, චිලිය, බ්‍රසීලය, කොළම්බියාව සහ පීරු යන රටවල අධිකරණ හමුවේ මේ නඩු පවරා ඇත.

-දිවයින

Related posts

රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම රාජ්‍ය නායකයා වශයෙන් මගේ යුතුකමයි

colombotoday

යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.

colombotoday

චීන ආරක්ෂක ඇමති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

colombotoday

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday