ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව තමත් මේ ආණ්ඩුවේ රැදී සිටියද, එසේ සිටින්නේ අකමැත්තෙන් බවත්, ආණ්ඩුවේ ගිවිසුම් කාලය නිමා වීමෙන් පසුව විපක්ෂයට ගොස් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව් ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.
විපක්ෂයට යනුයේ පක්ෂය ශක්තිමත් කර 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රත්නපුරයෙන් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.