Colombo Today Local News

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

ඊයේ (27) පැවති තරඟයේදී ඇතිවූ උණුසුම් තත්වයෙන් පසුව විරාත් කෝලි සමඟින් ලසිත් මාලිංග හදිසියේම කතාබහක නිරතවන අයුරු කාගේත් අවධානයට යොමු වුණා. ඔවුන් දෙදෙනා හදිසියේම සිදුකළ මේ කතාබහ දැනගන්නට අප ලසිත් මාලිංගගේ සමීපතමයෙකුගෙන් ඒ ගැන තොරතුරු විමසා සිටියා. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ විරාත් කෝලිට පිටියේ සිදුවූ සිද්ධිය පිළිබඳව මාලිංග කරුණු පැහැදිලි කර සිටි බවයි.

ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් අප හමුවේ ප්‍රකාශ කලේ මෙවන් දෙයක්…

මාලිංග කෝලිට කියලා තියෙන්නේ මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ටීම් එකේ පරාජයන් එක්ක අපේ ප්‍රේක්ෂකයොන්ට ඒක දරාගන්න බැරුව ඉන්න නිසා කියලා. ඒ වගේම මාලිංග කීවේ කෝලි තමයි මේ සිද්ධියෙන් පස්සේ ජාත්‍යන්තර මාධ්‍යවලින් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන කෙනා කියලා, ඒ මාධ්‍යවේදියෝ අහන්න ඉඩ තියෙනවා පිට්ටනියේදි ඇතිවුණු කළබලකාරී තත්වය ගැන ඔහු මොකක්ද හිතන්නේ කියලා. ඒ වෙලාවට ඔහු කිසිම දෙයක් නොදැන උත්තර දුන්නොත්, වැරදි දෙයක් කීවොත් ඒක අපේ රටේ කීර්තිනාමට හරි නැහැ. ඒ නිසා තමයි මාලිංග කෝලි ළඟට ගිහින් කියලා තියෙන්නේ ඒ දේවල් සිද්ධ වුණේ අපේ ටීම් එක මැච් පරදින නිසා, වැඩිය ඒ දේවල් ගැන හිතන්න එපා. අපේ ප්‍රශ්න ටිකක් තියෙනවා, ඒවා හදාගන්න කියලා තමයි මිනිස්සු කියන්නේ කියලා. බැරිවෙලා හරි ජාත්‍යන්තර මාධ්‍ය ඔහුගෙන් මේ ගැන ඇහුවොත් කෝලි දැන් දැනුවත් සිද්ධවුණු දේවල් ගැන. ප්‍රේක්ෂකයෝ අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපේ රට ගැන ලෝකෙට යන වැරදි ප්‍රවෘත්තිය හරිගස්සන්න තමයි එයා එහෙම කලේ කියලා මාලිංග කීවා”.

Webgossip.lk

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

බැදුම්කර බෑණාත් ජාතිය අමතන්න යයි.. සියළු රහස් හෙළිකිරීමට සූදානම්..

colombotoday

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday