Colombo Today Local News

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

රජයේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් තිදෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් පසුගියදා ජනාපධිතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි සඳහන්ය.

ඔවුන් රජය තුළ සිටිමින් රජයත් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ටත් එරෙහිව චෝදනා නැගීමෙන් ආණ්ඩුව ජනතාව අතර දිනෙන් දින අප්‍රසාදයට පත්වන බැවින් මෙම පියවර ගැනීමට ඔවුහු තීන්දු කළෝය. මේ අය ගැන ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග නිරීක්ෂණයෙන් පසුව ඔවුන්ගේ ඊළඟ පියවර නිවේදනය කරන බව එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් කීය.

-දේශය

Related posts

සප්‍රයිස් ලොක්ඩවුන් වසංගත විද්‍යාවට විරුද්ධයි. ලොක්ඩවුන් රැල්ලක් ඇති වෙන්න පුළුවන්

colombotoday

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday