Colombo Today Local News

රාජිත රැකගන්න රවී පෙරමුණ ගනී !

ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න ඇමැතිට එරෙහිව ගෙන එන්නට සුදානම් වන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක ඡන්දයකින් පරදවා සේනාරත්න මහතාගේ විශ්වාසය තහවුරු කරන බව පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය හා පසුපෙළ මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්වූයේ රාජිත සේනාරත්න මහතාට සහය පළ කිරීම සඳහාය.

‘‘රාජිත සේනාරත්න අමාත්‍යවරයා සියයට අසුපහකින් අනුවකින් විතර ඖෂධ මිල අඩු කිරීම නිසා හෝ ඔහු කළ වෙනත් සේවාවන් නිසා ද මේ විශ්වාසභංගය ගෙන එන්නේ? එක පැත්තකින් කියනවා මේ යෝජනාව ගෙන එන්නේ උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කරන නිසාලූ. කවුද මේක ගෙන ආවේ. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා උයද ගම්මන්පිල මන්ත‍්‍රීවරයා. මේ අය දිවුරුම් පෙත්සම් දෙකකට බොරු අස්සන් දීපු අයයි.

රටක් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. අවුරුදු 11 ක් මේ රට කාල හොකම් කරල විනාශ කරල තියෙද්දි ඒවා පෙන්නලා දෙන කොටයි මෙහෙම කරන්නේ. රාජිත සේනාරත්න කියන්නේ මේ රජය පිහිටුවන්න ඉදිරියට ඇවිත් කටයුතු කළ පුද්ගලයෙක්. ප‍්‍රශ්නයක් තියෙන තැන බය නැතිව ඉදිරියට ඇවිත් කථා කරන පුද්ගලයෙක්.

විපක්ෂයෙන් කොටසක් තමයි මේ වැඩවලට හවුල්වෙලා මේවා වටේ රඟන්න පටන් ගන්නේ. අපි මේක ප‍්‍රතික්ෂේප කරනවා විතරක් නොවෙයි අපි මේක පරාජය කරන්නේ තුනෙන් දෙකක ඡන්ද ප‍්‍රමාණයකින් ’’ යැයි ද කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.

Related posts

මිහින්තලේ ප්‍රා. සභාවේ විපක්ෂනායක නිසාර්ට සජබ ඉන්දිකගෙන් කනේ පහරක්.

colombotoday

“IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම. ලංකාව සමග බොහෝ රටවල් විරසකයි”

Admin

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

colombotoday

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday