Colombo Today Local News

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සුදානම් බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ජූලි 01 වන දින සංවිධානය කළ විශේෂ ද්විපාර්ශ්වික සැසිවාරයකදී මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ඉන්දියාවට සතුටට කරුණක් බවයි.

ශ්‍රී ලාංකිකයන්ට ආහාර සුරක්‍ෂිතතාවය ළඟා කර ගැනීම සඳහා ඉන්දියාව සතු අත්දැකීම් ලබාදීමට මෙහිදී එකඟතාව පළකර ඇති අතර ඉන්දියානු සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ‘කාබනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ (Organic Centre of Excellence) පිහිටුවීමටද යෝජනා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ජෛව පොහොර නිෂ්පාදනය සඳහා ‘ඒකාබද්ධ ව්‍යාපාරයක්’ පිහිටුවීමේ හැකියාව ගවේෂණය කරන ලෙස මෙහිදී මහ කොමසාරිස්වරයා දෙරටේ ජෛව පොහොර සමාගම්වලින් ඉල්ලා තිබේ.

ඉන්දියානු බලප්‍රදේශයට අයත් ‘සිකීමය’ (Sikkim) 2016 දී සියයට සියයක්ම කාබනික කෘෂිකර්මාන්තය අනුගමනය කළ ලොව ප්‍රථම ප්‍රාන්තය බවට පත්කිරීම පිළිබඳ අත්දැකීම් මෙම සාකච්ඡාවට සහභාගීවූ සිකීමයේ කාබනික ගොවිතැන් සංවර්ධන ඒජන්සියේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. අන්බලගන් විසින් හුවමාරු කරගෙන ඇත.

මෙම සැසිවාරයට ලංකා වාණිජ මණ්ඩලය, ඉන්දියානු කර්මාන්ත සම්මේලනය, දෙරටේම ජෛව පොහොර නිෂ්පාදන සමාගම් සහ රාජ්‍ය ඇමැතිවරුන් වන සීතා අරඹෙපොළ හා ශෂින්ද්‍ර රාජපක්ෂ සහභාගී වී ඇත.

Related posts

ලෝක මුස්ලිම් ලීගයෙන් ලබාදුන් කෝටි 90ක මුදල ගැන විමසිය යුත්තේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානාගෙන්

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

Admin

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

ටෙලිකොම් පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin