Colombo Today Local News

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (07) ගොනු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කිරීම වළකාලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ද අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂනී හේවාපතිරණ සහ එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්රනධාන පොලිස් පරීක්ෂක ඉන්දික ද සිල්වා ඇතුළු 14 දෙනෙකි.

Related posts

මුස්ලිම් රටවල් 10කින් ආ 1333 ක් සරණාගත ලේබලයෙන් දැන් ලංකාවේ – ඇමති මහින්ද හෙළිකරයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

කොළඹ ප්‍රහාරයකට ISIS සූදානමක් : ‘ඒ ගැන අපි දැනුවත් නෑ‘ – පොලීසිය

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday