Colombo Today Local News

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, කැබිනට් සාමුහිකත්වය බිඳ දමමින් ආණ්ඩුවේ ආර්ථික හා ජාතික සංහිඳියා ප්‍රතිපත්තීන්ට එරෙහිවත්, එක්සත් ජාතික පක්ෂ කෙරෙහි මුස්ලිම්වරුන් තුල කලකිරීමක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමත් හේතුවෙන්, ඔහුගේ පක්ෂ සාමාජිකත්ව අහෝසිකර වහාම ඇමති ධුරයෙන් නෙරපා හැරිය යුතු බව එජාප විශේෂ කමිටුව අද (21) පස්වරුවේ අගමැතිවරයාට යෝජනා කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබූ අතර, මෙම කමිටුව පසුගිය දින කිහිපයෙහි සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබිණ.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ එම කමිටුවේ නිර්දේශ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පස්වරුවේ දී ලිඛිතව හෝ වාචිකව භාරදීමට ඉඩ ඇති බවයි.

Srilankanmirror

Related posts

ඉදිරි මස 3 ඉතා අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

විදෙස් සංචාරකයින්ට සිදුවන හිරිහැර ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය

Admin

කතා කරන්නේ දෙමළ නිසා තමිල්නාඩු ධීවරයන්ට උතුරු මුහුද ආක්‍රමණය කරන්න ඉඩ ඉල්ලයි !

colombotoday