Covid 19

තවත් කොවිඩ් මරණ 37ක්

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 37ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 988 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 278,507ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ්

colombotoday

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

colombotoday

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 577 ක්

colombotoday