Colombo Today Local News

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

රාජපක්ෂලා ගත් අති දැවැන්ත ණය ගෙවා ගැනීමට හැකි තරමේ ආදායමක් වර්ධනය කර ගෙන තිබෙන බැවින් වත්මන් රජය කුඩා ලොරි රථ, සින්ගල් කැබ් හා යතුරුපැදි සඳහා මෙතෙක් ගෙවූ බදු වලින් 90% ක් අඩු කරමින් සහන ලබා දීමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අකුරැස්ස ආසනයේ හුලංදාව, මාලිම්බඩ, තිබ්බටුවා යන ප්‍රදේශයන්හි ප්‍රාදේශීය සභා කාර්යාල විවෘත කිරීම් හා වතු නිවාස ව්‍යාපෘති හා කුඩා ජනහමු අවස්ථාවන්වලට සහභාගී වෙමින් අගමැතිවරයා 18 දා එබව සඳහන් කළේය.

“අන්තර්ජාල භාවිතයට බදු පනවද්දී තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා.

ආර්ථිකය හැදෙන තුරු කල් දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදු වෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා. නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙන නිසා අපි පැනවූ බදු ඉවත් කළා.

ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. “බට්ටා” වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි.

තරුණයන් සඳහා යතුරු පැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරු පැදි මිලදීගත හැකියි. නමුත් කුඩා වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මාන වල ආර්ථිකය දියුණුවට ගත් වෙනවා.“ අගමැතිවරයා පැවසීය.

Related posts

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

Admin

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

colombotoday

තවත් ​සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

colombotoday

හර්ෂ අනුරට සුබ පතයි

Admin

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

Admin