Colombo Today Local News

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතාට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) අවධාරණය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ.

එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මේ බව සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය15දා මූල්‍ය අපරාධ කොට්ඨාශය තුලදී තමන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳව උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතා පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉන්දීය ක්‍රිස් සමාගමේ රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙන අතර, මන්ත්‍රීවරයා මෙලෙස බැණ වැදී ඇත්තේ එම විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයාටය.

සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බරපතල වරදක් සිදු කර ඇති බව  පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Related posts

ගෝඨාට ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ජයග්‍රහණයක් ලැබෙනවා

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday

MMC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් අරඹයි !

colombotoday

අගමැතිගේ වැය ශීර්ෂය කපා දමන්න එජාපයෙන් යෝජනාවක්… කතානාකට බාරදෙයි…

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

colombotoday