Colombo Today Local News

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

සමෘද්ධි සහනාධාරය පිළිබඳව මෑතකදී ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23.2 යටතේ ප්‍රශ්ණ කිරීමත් සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ඔහු එස්.බී. දිසානයක අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමුකරමින් පැවැසුවේ සමෘද්ධි සහනාධාරයේ කිසියම් ආකාරයක කප්පාදුවක් වෙන්නේදැයි යන්නයි. නමුත් ඒ අවස්ථාවේදී එස්.බි. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පැවැසීය.

පසුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු කලුපටි බැඳගෙන සමෘද්ධිය කප්පාදු නොකරනු, විශ්‍රාම වැටුපට අත නොතබනු යනුවෙන් සඳහන් වූ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වන්නට විය.

එහිදී අජිත් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේ සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකිරීම එක්සත් ජාතික පක්ෂයේ මතය බවයි. ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේ අවුරුදු 20ක් එක්සත්ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ සමෘද්ධි සහනාධාය කපාහැරි බවත් අසාධාරණයක් නොවන ලෙසට දුප්පත් මිනිසුන්ට සහනාධාරය ලබාදෙන බවත්ය.

පසුව සභාව උණුසුම්වූ අතර ඒ අනුව සභාව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

ඇමති ෆවුසිට වාහනයක් ගන්න කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday