Colombo Today Local News

ප්‍රබල ඇමතිගේ ලේකම්, පෙම්වතා කොකේන් සමග මාට්ටු.. නිදහස් කරන්න පොලිසියට බලපෑම් !

රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන මෙහෙයුම් අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙරළ සාදයක් සදහා, අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් ගෙන යමින් සිටි එම මත්ද්‍රව්‍ය තොගය අතර කොකේන් මිලි ග්‍රෑම් 3000ක්,පිල් මිලි ග්‍රෑම් 4500ක් හසීස් මිලි ග්‍රෑම් 9740ක් සහ කුෂ් මිලි ග්‍රෑම් 9420ක් ද තිබිණි.විදේශීය මත්පැන් බෝතල් 18ක් සහ නීති විරෝධී දුම්වැටි 400ක් ද මෙසේ අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඇමති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ පොලිස් නිල හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක් ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එහි තිබූ දුම්වැටි තොගය අමාත්‍යවරයාගේ පරිහරණය සදහා ගෙන යන බවද සැකකරුවන් ප්‍රකාශ කර තිබෙන බවද පැවසේ.

අමාත්‍ය ලේකම්වරයා අදාල ඇමතිවරයා සමග පෞද්ගලික ඇසුරක් පවත්වන අයෙකු බවද පැවසෙන අතර, අමාත්‍යවරයා සමග නිතර විදෙස් සංචාරවලට සහභාගී වන අයෙකු බවද පැවසේ.

සැකකරුවන් පිරිස මේවන විට ගල්කිස්ස පොලිස් ස්ථානය භාරයේ රදවා තිබෙන බවට වාර්තා වන අතර, ඔවුන් නිදහස් කරන්නැයි ඉහළින් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද ආරංචිමාර්ග සදහන් කරයි.

Related posts

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අද

Admin

මන්නාරමේ සුරුවම්වලට ගල් ප්‍රහාර

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday