Colombo Today Local NewsNew Constitution

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

නව ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරට එළඹ ඇති බවත්, නව ව්‍යවස්ථා කෙටුම්පත ආගෝස්තු මස අවසානය වන විට සකස් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන සතිය තුළ යළි රැස්වීමට නියමිත බවයි.

දින 04ක් අඛණ්ඩව අදාළ රැස්වීම පැවැත්වීමට සැළසුම් කර තිබේ. එම කාලසීමාව තුළ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට සැළසුම් කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

කෙසේ වෙතත් පසුගිය ජූලි 6 වනදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී නොමැති බවයි. නව ව්‍යවස්ථාවක් සකස් කරනවානම් ඒ පිළිබදව මහා නාහිමිවරුන් දැනුවත් කර උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන් සිදුකරන බවද ජනාධිපතිවරයා එහිදී සපථ කර සිටියේය.

මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සදහා ක්‍රියාකාරී වූ රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ප්‍රධානීන් ජූලි 21 වන දින අරලියගහ මන්දිරයේදී හමුවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නව ව්‍යවස්ථා කෙටුම්පත අගොස්තු මාසයේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බවයි.

නව ව්‍යවස්ථාව පිළිබදව මහජන අදහස් විමසීමේ කමිටු ප්‍රධානී නීතීඥ ලාල් විජේනායකද පසුගියදා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ව්‍යවථා සම්පාදක කමිටු ප්‍රධානින්, නව ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව කියද්දී, ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ආරම්භ වී නොමැති බව ජනාධිපතිවරයා මහානාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කරති.

දැන් මේ රටේ මහජනතාව පිළිගත යුත්තේ කවුරුන් කරන ප්‍රකාශද?

එක්කෝ නව ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ජනපතිට හොරෙන් සිදුවනවා විය යුතුය. නැතිනම් ජනපතිවරයා දැන දැනම ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නොමග ඇරියා විය යුතුය.

Related posts

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට !

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday