Colombo Today Local News

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

යාපනය චුන්නාකම් පොලිස් වසමේදී කන්කසන්තුරෙයි මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ නාදුනන යතුරු පැදි කණ්ඩායමක් විසින් තවත් තරුණයින් දෙදෙනෙකු තියුණු ආයුද වලින් කපා දමා පලා ගොස් ඇති බව චුන්නාක්කම් පොලිසිය පවසයි.

කැපුම් තුවාල ලත් දෙදෙනා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇති අතර තුවාල ලබ ඇත්තේ, සින්නරාසා ශ්‍රීකාන්ත් හා යෝගරාසා අනෝස් නැමති තරුණයින් දෙදෙනෙකි.

චුන්නාකම් පොලිස් වසමේ කෙ.කේ.එස්.මාර්ගයේ රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී ඊයේ (02) රාත්‍රි 11.30 ට පමණ තුවාල ලත් අදාල තරුණයින් දෙදෙනා ගමන් කොට ඇති අතර එම අවස්ථාවේදී එක වරම පැමිණි නාදුනන යතුරුපැදි කරුවන් කිහිප දෙනෙකු විසින් අදාල තරුණයින් දෙදෙනාට තියුණු ආයුධ විලින් පහර දී පලා ගොස් ඇත.

මෙසේ පහරදුන් කන්ඩායම හා පුද්ගලයෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම සිදුවීමද ආවා කල්ලියේ ක්‍රියාවක් යැයි චුන්නාකම් පොලීසිය සැක පල කරන අතරම අදාල කණ්ඩායම් සොයා පුලුල් පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

Related posts

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

“ඉස්ලාම් ආගම පිළිකාවක්. ලංකාව ලේ විලක් කිරීමේ තර්ජනයක් තිබෙනවා.” 2016 දී ඥානසාර හිමිගේ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ල ගොනු කිරීමට නියෝග

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin