Colombo Today Local News

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

රටේ සියලු මර්මස්ථානවලට අත තබමින් සිටින ආණ්ඩුවේ මීළඟ ඉලක්කය බවට පත්වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය බවත් මීළඟට චීනාට විකිණීමට නියමිතව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ දිනෙන් දින සිදුවන බිඳවැටීම් හරහා නොරොච්චෝලේ නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාව ඇති බවත් මින් පීඩාවට පත්වන්නේ ජනතාව හෙයින් හම්බන්තොට වරාය චීනයට දුන්නා සේම මෙයද චීනාට දීම හැර අන් විකල්පයක් නැති බවට රජය නුදුරේදීම පවසන බවත් හෙතෙම පැවැසීය.

මෙවැනි තාක්ෂණික දෝෂ උපයෝගී කරගනිමින් රටේ ජනයාට නොරොච්චෝලේ හිසරදයක් වන තත්ත්වයට ගෙනැවිත් ඒ හරහා නොරොච්චෝලේ විකිණීම සාධාරණීයකරණය කරමින් රටේ ජනමතයක් නිර්මාණය කිරීම මේ දිනවලදී සිදුවන බවද ඔහු පැවැසුවේය.

මේ වන විට විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, බලශක්තිය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති බවත් එහි කමිටුවක් පත්කොට ඇති බවත් ඉදිරි දස වසරේ ලංවිම වැඩ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ඒ හරහා ගන්නා බවත් ඔහු එහිදී පැවැසීය.

Related posts

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday