Colombo Today Local News

පාස්වර්ඩ් අමතකයි කි ඇලෝසියස්ගේ දුරකථනයේ ගිණුමට බිරිද කරන්න ගිය දේ මාට්ටුයි !

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සෙයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොම්සම භාරයේ ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට පසුගිය පැය 48 තුළ කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා ඇතුළු වීමට උත්සහ දරා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ඊයේ (1) කොමිසම හමුවේ සඳහන් කළේය.

ඒ සඳහා යොදා ගෙන ඇත්තේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය සහ අර්ජුන ඇලෝසියස්ගේ භාර්යාව වන අංජලි මහේන්ද්‍රන් ගේ සිංගප්පූරු ජංගම දුරකතන අංකය භාවිතා කරගෙන බවත් ඔහු අනාවරණය කළේය.

අනිවාර්යයෙන් ම එලෙස අනවසරයෙන් ඇතුල් වීමට උත්සහ දරන්නට ඇත්තේ අදාළ ජංගම දුරකතයේ ඇතුලත් දත්ත මකා දැම්මට බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ. එම හේතුව නිසා මෙවැනි ක්‍රියාවන් තහනම් කරමින් වාරණ නියෝගයක් පනවන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ ඉල්ලා සිටයි. ඒ අනුව කොමිසම සඳහන් කරනු ලැබුවේ එම නියෝගය හෙට දිනයේදි ලබා දෙන බවයි.

මේ අතර තම පෞද්ගලික ජංගම දුරකතනයේ මුර පදය සිය සේවාදායකයා වන අර්ජුන ඇලෝසියස් හට අමතකව ගොස් ඇති බව ඇලෝසියස් වෙනුවන් පෙනි සිටින නීතිඥ අනුජ ප්‍රේමරත්න කොමිසම හමුවේ සඳහන් කළේය.

එසේම යම්හෙයකින් එම ප්‍රකාශය අසත්‍ය නම් අධිකරණයට අපහස කිරීමේ වරදට දඩුවම් ලැබිය හැකි බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී චිත්‍රසිරි සඳහන් කළේය.

 

Related posts

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

colombotoday

T 56 උණ්ඩ සමග කඩුවක් වෙළම්බඩ වැවෙන් සොයාගනී…

colombotoday

හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්

colombotoday

මහනුවර නගරයේ රථවාහන තදබදය ආණ්ඩුකාර වරයාගේ අවධානයට

colombotoday