Colombo Today Local News

ඛණිජතෙල් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක ඇතුළු වෘත්තීය සමිති නායකයන් දහසය දෙනෙකුට ඊයේ (31) වරෙන්තු නිකුත් කෙරිණි.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නියමයකට අනුව මෙම පුද්ගලයන් දහසය දෙනා මීට පෙර පොලිස් ඇපමත මුදාහැර තිබිණි. ඒ, ඊයේ (31) දිනයේදී අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වමින්.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර ඇත.

Related posts

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday

යාපනය සරසවියේ කොටි ස්මාරකය වෙනුවට සාමකුලුනක් ඉදිකිරීමට මුල්ගල තබයි.

colombotoday

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

colombotoday

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

එජාප හිටපු ඇමැති රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට

colombotoday

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday