Colombo Today Local News

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම, පොලිස්‌ මුරපළවල් ගිනි තැබීම් ඇතුළු විවිධ රාජ්‍ය විරෝධී ක්‍රියාවන්වල නිරත වෙමින් උතුරු පළාතේ භීෂණයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කරන හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත්දෙනකු පේදුරුතුඩුව පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) ආයුධත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අතර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකු ද සිටින බවත් සැකකරුවන් පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කර පොලිස්‌ නිලධාරීන්ට සහ නිල රථයකට ප්‍රහාර එල්ල කර පොලිස්‌ නිලධාරියකුගේ නිවසකට ද පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ය.

ඉකුත් ජුලි මස 09 වැනිදා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ පොලිසියේ වෙඩි තැබීමකින් දෙමළ තරුණයකු මියගොස්‌ තිබිණි.

එම සිද්ධියෙන් පසු කෝපයට පත්වූ පේදුරුතුඩුව සහ නෙල්ලිඅඩිය ප්‍රදේශවල සංවිධානාත්මක පිරිසක්‌ පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කරන ලදී. පසුව මෙම වැලි ජාවාරම්කරුවන් ඇල්ලීමට ගිය පොලිස්‌ කණ්‌ඩායමේ ප්‍රධානියා වූ පොලිස්‌ නිලධාරියාට අයත් නෙල්ලිඅඩි ප්‍රදේශයේ නිවසට ද ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි.

මේ අතර පේදුරුතුඩුව ප්‍රදේශයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනයට ගිය පොලිස්‌ කණ්‌ඩායම රැගත් කැබ්රථයට සහ එහි සිටි පොලිස්‌ නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කරන ලදී.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පේදුරුතුඩුව සහ නෙල්ලිඅඩි ප්‍රදේශවල පදිංචි හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

Related posts

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday

මුතුරාජවෙල රැක ගන්න සජබෙ උසාවි යයි

colombotoday

“රනිල් එපා.. බහුතරය ඇත්නම් වෙන කෙනෙකුගේ නමක් එවන්න“ – ජනපති එජාපයට දන්වයි

colombotoday

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තහනම ඉවතට

colombotoday

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday

ත්‍රීකුණාමලේ තැන් හතරක බුදු පිළිමවලට ප්‍රහාර.. වැලිඔය බුදු පිළිමයට කලුතෙල් වත්කරලා !

colombotoday