Colombo Today Local News

මානසික රෝගියෙක් කියා අංගොඩ යැවූ, සිරිකොතේ අලියාට වෙඩිතැබූ රාලහාමිට ඇප !

සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ අලියා සහිත ලාංඡනයට වෙඩි තබා අලාභහානි සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාස දෙකක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සැකකාර කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කළ නියෝග මත අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මාස දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් එකී රෝගී තත්ත්වයෙන් මේ වන විට සුවය ලබා ඇති බවට වෛද්‍ය වාර්තා ලැබී ඇති බවත් එබැවින් මොහු බන්ධනාගාරගතව සිටි කාලයද සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඉල්ලමින් සැකකාර කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඇප නියම කෙරිණි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඉකුත් මැයි මස 01 පස්වරුවේදී සිදුකර තිබූ අතර ඇපමත මුදා හැරුනේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මිරිහාන පොලිසියට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.

Related posts

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

Admin

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday

ප්‍රසන්න රණවීරට ඇප

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි

colombotoday