Colombo Today Local NewsExclusive :

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

මෙවර අය-වැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන මැතිවරණයට ලබා දෙන ලෙසට විපක්ෂය පෙරේදා (පෙබ. 28) කතානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නැයි ආණ්ඩුවේ සියලුම පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

ආණ්ඩු පක්ෂයේ සියලු ම පක්ෂ නායකයෝ ඊයේ (මාර්තු 1) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මුණගැසුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව අවධාරණය කළේ ය. විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් පෙරේදා කතානායකවරයා මුණගැසී ඉල්ලීම් කර තිබුණේ මෙවර අය-වැයෙන් වෙන් වූ මුදල් පළාත් පාලන මැතිවරණයට භාවිත කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් විමසීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසට විපක්ෂයේ පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා තිබුණේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව ඊයේ (මාර්තු 1) දහවල් අදාළ සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සභානායක ආමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, කංචන විජේසේකර, ටිරාන් අලස්, නසීර් අහමඩ්, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, වජිර අබේවර්ධන, එස්.එම්.එම්. මුෂාරෆ්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, සී.බී. රත්නායක, ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීමට තමන්ට බලතල නැති බවයි. විපක්ෂය පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන ලෙස ඉල්ලා සිටිය ද ඒ සඳහා තමන්ට බලතල නැතැයි කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේ, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුන එකිනෙකට යටත් නොවන ආයතන තුනක් බවයි.

මුදල් කමිටු සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ තර්ජනය කිරීම් නිසා බවට තොරතුරු ලැබී ඇතැයි මෙහිදී පෙන්වා දුන් පක්ෂ නායකයන්, එය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බැවින් ඒ පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් හෝ පත් කරන ලෙසත් ඉල්ලා සිටියහ.

එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ, අය-වැයට විරුද්ධව ඡන්දය දුන් විපක්ෂය නැවත අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළු සහගත බවයි.

Related posts

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

colombotoday

ටෙලිකොම් – මොබිටෙල් මුල් පුටු මාරුවක්! ජනපති මල්ලී නැවතත් සභාපති. රෝසි‍ගේ පුතුත් අධ්‍යක්ෂ මණ්ඩලයට

colombotoday

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday