බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා තම චරිතය ඝාතනය කිරීමේ අරමුණින් සිදුකරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
මෙවන් රජයට කටයුතු කිරීම ලැබීම ගැන තමන් ආඩම්බර වන බව හිටපු මුදල් ඇමතියරයා, ගිය ආන්ඩුව සමයේ කොල්ල කෑ අය විපක්ෂයේ සිටියදී තමන් වැනි ඇමතිවරුන් මෙවන් කොමිෂන් සභාවලට කැදවීමෙන් පෙනෙන්නේ රජයේ විනිවිද භාවය බවද ඔහු පැවසීය.
අනිකා විජේසූරිය කියූ දේම ජනාධිපතිත් සිටින නිසා නැවත කියන දේ පිලිගත නොහැකි බවත් මෙය සම්පුර්ණයෙන් චරිත ඝාතනයක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය