Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු ඉවත් වීමත් සමඟ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගු වන බැවින් දැන් හැකිනම් ආණ්ඩුවක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන විත් එය සම්මත කර ගන්නා ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.

ඊයේ (20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නිසා නිරායාසයෙන්ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සමාජිකයින් වූ බවයි.

එමෙන්ම මුල සිටම මෙහෙයුම් කමිටුවට හෝ අනුකමිටු 6 ට සහභාගී වීමෙන් තම පක්ෂය වැළකී සිටි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය වී තිබුණේ පාර්ලිමේන්තුවට පිිටින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නමින් කණ්ඩායමක් රැස්ව නව ව්‍යවස්ථාව කෙටුම්පත් සකස් කර එම න්‍යාය පත‍්‍රය ගෙන ඒම බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම මත එය අසාර්ථක වූ බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

Related posts

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

“ඉන්දු – ලංකා ගිවිසුම ගැහුවොත් පරම්පරා ගාණක් අමාරුවේ.. අපිත් විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

ස්කොට්ලන්ත සංචාරය නිම කර ජනාධිපති යළි දිවයිනට

colombotoday