Colombo Today Local News

ක්‍රිකට් අගාධයට තල්ලු කළේ යහපාලනයයි ! – අර්ජුනගෙන් දැඩි ප්‍රහාරයක්

ක්‍රිකට්‌ ක්‍රීඩාවට සූදුකාරයන් ළං කර ගැනීමට යහපාලනය ක්‍රියා කර ඇති බවත්, ක්‍රිකට්‌ ක්‍රීඩාව අගාධයට තල්ලු වූයේ මේ යහපාලනයෙන් බවත් ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

“මහින්ද රාජපක්‌ෂ මහත්තයගෙ කාලයෙත් දේශපාලනය ක්‍රිකට්‌ ක්‍රීඩාවට තිබුණා. නමුත් මේ තරම් තිබුණෙ නැහැ. මොකද ඒ කාලයේ ක්‍රීඩා ඇමැතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සූදුකාරයන්ට එන්න දුන්නෙ නැහැ. නමුත් ආණ්‌ඩුවට ක්‍රිකට්‌ හදන්න අවශ්‍යද කියන එක මටත් ප්‍රශ්නයක්‌” ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට අත්වී ඇති ඉරණම සහ අත්වෙන්නට යන ඉරණම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක්‌ භාරදීමට ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තීරණය කර තිබේ.

රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ වීමට පෙර රටේ වගකිව යුතු පාර්ශ්ව දැනුවත් කිරීම තමාගේ යුතුකමක්‌ බවත් ඒ වෙනුවෙන් ලි තව එම දෙපළට ඉදිරි සති දෙක ඇතුළත සියලු කරුණු භාර දෙන බවත් රණතුංග මහතා පැවසීය.

“අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මගෙන් ක්‍රිකට්‌ ගැන මේ දක්‌වා මොකක්‌වත් අහල නැහැ. හැබැයි මේ රටේ මිනිස්‌සු බලන් ඉන්නවා මම මොනවද කරන්නෙ කියලා. ඒ නිසා මගේ යුතුකමක්‌ තියෙනවා මේ සම්බන්ධයෙන් රටේ වගකිව යුතු ජනපතිට සහ අගමැතිට දන්වන්න. ඊට පස්‌සෙ මගේ යුතුකම ඉවරයි.” යනුවෙන් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

(මුලාශ්‍රය දිවයින)

Related posts

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

colombotoday

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

රාජිතගේ පුතු ඇස් දෙකෙන් දැක්කා කියූ ඩොලර් සැගවූ ගිණුම්වල මහින්දගේ නම නැතිලු

colombotoday

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

colombotoday

නැගෙනහිර මුස්ලිම් අරාබි පාලනයක්… පරවල්වලට අරාබි නම් දමති… සිංහල බසින් නඩු බාර නොගනී… සිංහලයන් දැඩි පීඩනයක….

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday