Colombo Today Local News

බෙන් එමර්සන් හොරාගේ අම්මාගෙන් පේන අහලා ! හිටපු කොටින්ගෙන් සාක්ෂි අරන් වාර්තා හදයි..

මෙරට සංචරයකට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළීබද විශේෂ නියෝජිත බෙන් එමර්සන්, සිය නවතම වාර්තාව සදහා මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන කරුණු විමසා ඇත්තේ, ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ, බෝම්බ අටවා සිවිල් ජීවිත විනාශ කළ දරුණු ගනයේ හිටපු කොටි ත්‍රස්ත ක්‍රියාකාරීන්ගෙන් බවට අනාවරණය වී තිබේ.

බෙන් එමර්සන්, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිටින හිටපු කොටි ත්‍රස්ත සැකකරුවන් හමුවී සාකච්ඡ කර ඇති අතර, හමුදා භටයන් රැගත් එම් -61 යානාව විනාශ කළ සහ විල්පත්තු වනෝද්‍යානයේ සංචාරකයන් මරාදැමූ හිටපු කොටි ත්‍රස්තවාදීන්ගෙන්ද අනුරාධපුර බන්ධනාගාරයේදී ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.

එමෙන්ම ඔහු රහසිගත උතුරේ නීතීඥයන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද හමුවී තොරතුරු ලබාගෙන ඇත. සංචාරය අවසානයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ බෙන් එමර්සන් කියා සිටියේ, ආරක්ෂක අංශ මැදිහත්වීමෙන්, සුළු ජාතීන් ඉලක්ක කරගෙන තවමත් රට තුළ මානව හිමිකම් කඩවීම් සිදුවන බවයි.

ලෝකයේ කිසිදු රටක්, ත්‍රස්තවාදී සැකකරුවන් හමුවීමට විදේශීය රාජ්‍ය නියෝජිතයන්ට අවසර දෙන්නේ නැත.

මූලාශ්‍රය දිවයින.

Related posts

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday