Colombo Today Local News

දුම්කොළ අඩංගු බුලත්විට විකිණීම අද සිට තහනම්.. අහුවුණොත් නඩු !

දුම්කොළ අඩංගු ‘බුලත්විට’ හැදීමත් විකිණීමත් අද (19දා) සිට තහනම් කෙරේ. එමෙන්ම දුම් රහිත දුම්කොළ හා පුවක් යනාදිය භාවිතයෙන් නිපදවා ඇති ‘මාවා’, ‘ගුට්කා, ‘පාම්පරාග්’, ‘හාන්ස්’, ‘බාබුල්’ සහ ‘බීඩා’ යනාදිය…අලෙවිය නිෂ්පාදනය හා ගෙන්වීමද අද සිට තහනම් බවත් ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ප්‍රකාශ කරයි.

ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පනත යටතේ පාර්ලිමේන්තුව අනුමත කර ඇති නියෝග ප්‍රකාරව මෙම තහනම පනවා තිබේ.
බුලත්විට විකිණීම මෙන්ම දුම්කොළ සහිත ‘බුලත්විට විකිණීමට තිබේ’ යනුවෙන් සඳහන් දැන්වීමක් පවා ප්‍රදර්ශනය එම නියෝග අනුව තහනම් බවද අධිකාරිය කියයි.

දුම් රහිත දුම්කොළ අඩංගු ඉහත ද්‍රව්‍ය අලෙවි කරන්නන් අල්ලා නීතිය හමුවට ඉදිරිපත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ආහාර පරීක්ෂකයන්ට, සුරාබදු නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට බලය ඇති බවද ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ නීති නිලධාරී නීතිඥ නීලියා ද සිල්වා කීවාය.

ජනතාව මුඛ පිළිකාවෙන් බේරා ගැනීම මෙන්ම දුම් රහිත දුම්කොළ හා සම්බන්ධ පිළිකා නිසා වසරකට සිදුවන දහසකට අධික මරණ සංඛ්‍යාව වළකා ගැනීම හා වසරකට වැය වන රුපියල් බිලියන 05ක වියදම අවම කර ගැනීමද මේ පියවර ගැනීමේ අරමුණු අතර වේ.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

colombotoday

මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ..

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday