Colombo Today Local News

ශ්‍රී සුමංගල විදුහලේ රාමසාන් සමරන්න ගිහින් උණුසුම් තත්ත්වයක්.. දෙමාපිය විරෝධයෙන් සංහිදියා නාඩගම අකුලාගනී

ඊයේ (17) හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංවිධානය කර තිබූ රාමසාන් සැමරීමේ උළෙලට විදුහලේ ආදි සිසුන් දැඩි ලෙස විරෝධය පලකර තිබේ.

එහිදී විදුහලේ ආදි සිසුන් සුමංගල විද්‍යාලයේ විදුහල්පති වරයා අතර දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.ආදි සිසුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ තම පාසලේ මෙවන් උත්සවයක් මීට පෙර සංවිධානය කර නොමැති බවත් බෞද්ධ පාසල් වන හෙයින් තමන් ඊට විරුද්ධ බවයි.

කෙසේ වෙතත් විදුහල්පතිවරයා විසින් එහිදී ප්‍රකාශ කළේ මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් දරුවන් වෙනුවෙන් සිදුකරන වැඩසටහනක් බවයි. අදාල උත්සවයට ගිංගොත් සහීරා විද්‍යාලයේ සිසුන් මෙන්ම එහි අදා සිසුන්ද සහභාගී වීමට නියමිතව සිටි අතර ඇතිවූ විරෝධයෙන් පසුව එම සිසුන්ට අදාල වැඩසටහනට සහභාගී නොවන්නැයි විදුල්පතිවරයා දන්වා ඇතැයිද පැවසේ.

සැබෑ ලෙසම සංහිදියාව ඇති කිරීමටනම් මුස්ලිම් පාසල්වලද බෞද්ධ වැඩසටහන් සංවිධානය කළ යුතු බවයි දෙමාපියන් සහ ආදි සිසුන් එහිදී කියා සිටියේ.

Related posts

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

colombotoday

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද දිවයිනට

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

Admin