Colombo Today Local NewsHot News

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ.

එම විශේෂ නියෝජිතවරයා සහ ඔහුගේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක්ෂ මහතා එමර්සන් මහතාට දෝෂාරෝපණය කර තිබේ.

ඒ සමගම එමර්සන් මහතා විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඊට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

තමා කතා කරන්නේ එමර්සන් මෙන් එක එක්කෙනාගෙන් අසාගත් තොරතුරු මත නොවන වාර්තා, සංඛ්‍යාෙල්ඛණ මත පමණක් බව පවසා ඇති අධිකරණ ඇමතිවරයා, බන්ධනාගාරගතව සිටින දරුණු ගනයේ කොටි සැකකරුවන් කිසිසේත්ම නිදහස් නොකරන බවද ප්‍රකාශ කර ඇත.

යුධ අපරාධ පිළිබදව ගන්නා පියවර කුමක්දැන් බෙන් එමර්සන් මහතා විමසූ අවස්ථාවේ “අපි යුධ අපරාධ කරල නෑ.. ඉස්සෙල්ලා බ්‍රිතාන්‍ය අගමැතිණී තෙරේසා මේ ට කියන්න යුද අපරාධ හොයන්න කියලා. තෙරේසා මේ කීවා වගේ අපිත් කියනවා, අපි අපේ හමුදාවට එරෙහිව වැඩ කරන්නේ නෑ කියල“ යැයි අධිකරණ ඇමති විජේදාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

“මම මාධ්‍ය හමුවක් තියල කියනව ඔබ යූ.එන්. එකට සහය දෙන්නේ නෑ කියලා“ බෙන් එමර්සන් එසේ ප්‍රකාශ කරද්දී “මාධ්‍ය හමු එකක් නෙවෙයි සීයක් තියල කියනවා“ යැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, ඉන් පසුව බෙන් එමර්සන් සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇත.

Related posts

නාඩගම් නවතා මැතිවරණයකට එන්න – අගමැති මහින්දගෙන් අභියෝගයක්

colombotoday

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video

colombotoday

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday

ජනපති ජනවරමට පිටුපෑවා… මැතිසබය විසුරුවීම නිසා රටේ නම කැතවුණා… මම සිත් වේදනාවෙන් – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday