Colombo Today Local News

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

‘පුතා මැරුණේ මහ පිනක් කරගෙන’ ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දිනයකි.  ඊට හදවත පූජා කළ ප්‍රදීප්ගේ නාමය කිසිදා අප මතකයෙන් බැහැර නොයනු ඇත.

තිදෙනකුට ජීවත් වීමේ වරමත් තවත් දෙදෙනකුට දෑසීන් ලොව දැකීමේ වරමත් ලබාදී ජීවිතයෙන් සමුගන්නට ලැබෙන්නේ කීයෙන් කී දෙනා‍ටද? උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ විසූ 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත් පසුගිය 07දා සදහටම දෙනෙත් පියා ගත්තේ මෙවැනි පුණ්‍යකර්මයකට දායකත්වය ලබා දෙමිනි. හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ස්නායූ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියද ප්‍රදීප්ගේ වකුගඩු දෙක, දෙනෙත් පමණක් නොව හෘද වස්තුවද මේ වනවි‍ට ඔහු ජීවත්ව සිටියදී මෙන්ම ක්‍රියාකාරිය. මරණින් පසු සිය නාමය අමරණීය තත්ත්වයට ගෙන ඒමට අවශ්‍යය පසුබිම ඔහුගේ දෙමාපියන් විසින් ඔහුට උදාකර දී ති‍බේ. ඒ මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා ප්‍රදීප්ගේ හෘදය යොදා ගනිමිනි. ඊට අවසර ලබා දුන්නේ ප්‍රදීප්ගේ පියා හා මවය.තිදෙනකුට ජීවත් වීමේ වරම් ලබා දුන් ප්‍රදීප් ඊයේ (10) වෙළම්බඩ හෙක්ටයාර් පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ තම මවුපියන්ට අසීමිත ගෞරවයක් ලබා දෙමිනි. ඒ බව පාංශකූලය සඳහා පැමිණි මහ සංඝරත්නයද සිහිපත් කරනු ලැබූවේ සැමගේ ඇසට කඳුළක් එක් කරමිනි.

මගේ පුතා මේ තරම් ඉක්මනින් අපිව දාලා යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එදා පුතා මෝටර් සයිකලෙන් මගේ බෑණා එක්ක ගිහින් එනකොට තමයි බයිසිකලේ වෑන් එකක හැප්පිලා තියෙන්නේ. ඒ වෑන් එක ගමේ ඩෙංගු වැඩසටහනකට ඇවිත් තිබුණ එකක්. බයිසිකලේ හැප්පුණ වෙලාවේ පුතා විසිවෙලා ගිහින් ඇළට වැටිලා තියෙනවා. එතන්ට ‍ගෙදර ඉඳලා වැඩි දුරක් නැහැ. පුතාව බඹරකන්ද ඉස්පිරිතාලෙට ගෙනිච්චට පස්සේ නුවරට මාරුකළා. පුතාගේ ජීවිතේ ‍බේරන්න බැහැ. මැෂින් එකෙන් ගැලව්වම එයා නැතිවෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පුතාගේ මොළේ මැරිලා නිසා කැමැති නම් එයාගේ අවයව වෙනත් අයට බද්ධ කරන්න ගන්න පුළුවන් කියලා දොස්තර මහත්තුරු කිව්වා. මගෙන් ඒකට කැමැතිද කියලා ඇහුවම මම කැමැති වුණා. පුතාගේ ශරීරයත් එක්ක අවයව වළදානවාට වඩා එයාගේ ඇ‍ඟේ කොටසකින් කවුරු හිරි ජීවත් වෙනවා නම් ඒක පුතාටත් පිනක් මහත්තයෝ. මම දෙපාරක් හිතන්නේ නැතුව පුතාගේ අවයව ගන්න කියලා දොස්තර මහත්තුරුන්ට කිව්වා.ප්‍රදීප්ගේ පියා අයි.ජී. නන්දසේන මහතා පවසයි.

අනේ මහත්තයෝ මගේ පුතා මැරුණේ නැහැ කියලා මට හිතෙනවා. එයා‍ගේ හදවත කාටදෝ බද්ධ කරලා. එයා හොඳින් ඉන්නවා කියලා වෛද්‍යවරු කිව්වා. වකුගඩු දෙකත් දෙහිඅත්තකණ්ඩියේයි මැල්සිරිපුරයි දෙන්නෙකුට බද්ධ කරලා. ඇස් දෙකත් දන් දුන්නා.පුතා මැරුණේ මහ පිනක් කරගෙන. මතු ආත්මෙක එයාට මේ වගේ අකල් මරණයක් නෙවෙන්න මේ පින හේතු වෙයි නේද මහත්තයෝ. ප්‍රදීප්ගේ මව ඉන්ද්‍රා කල්යානී පවසයි. ප්‍රදීප් පවුලේ එකම පිරිමි දරුවාය. ඔහුට වැඩිමල් හා බාල සහෝදරියන් දෙදෙනෙකි. ප්‍රදීප් මෙලොව හැරගියේ ජූලි 07 දිනය. එදින ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දිනයකි. ඊට හදවත පූජා කළ ප්‍රදීප්ගේ නාමය කිසිදා අප මතකයෙන් බැහැර නොයනු ඇත.

අසේල කුරුළුවංහ හා ඉන්ද්‍රාණී තෝරදෙණිය – දිණමින පුවත්පත

Related posts

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

colombotoday

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

හකීම් පසුපස අලි ෂබ්රිත් යයි – කලකිරීමෙන් බවත් කියයි. – මුස්ලිම් දේහයන් ආදාහනය ගැන අදහස කියයි.

colombotoday

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

colombotoday

ගව ඝාතනය හිංසාවක් නෙවෙයි.. අලියෙක් පෙරහැරේ ගෙනයෑම තමයි හිංසාව, ආණ්ඩුව සංස්කෘතියටත් පහර දෙනවා

colombotoday

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday