Colombo Today Local News

“මට සමාව එපා.. සමාව ගන්නෙත් නෑ“ – වංචා කොමිසමට ආ ගෝඨා කළයුතු දේ තදින්ම කියයි !

රාජපක්ෂලාට සමාව දිය යුතු යැයි ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර ඇති බවත් තමාටනම් එලෙස අනවශ්‍ය සමාවක් අවශ්‍ය නොමැති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද(10) කැඳවා තිබිණි. එම කොමිසම හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

තමාට අවශ්‍ය වන්නේ සාධාරණය බවත් තමා පොල්වතු, තේවතු, රබර් වතු, නිවාස, හෝටල් අත්පත් කරගෙන නොමැති බවත් කිසිදු සමාගමක ව්‍යාපාරක කොටස් අරගෙන නොමැති බවත් පෙන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ දූෂණ වංචා නොකල තමාට කරදර කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

2014 වසරේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දුන් බවට ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධ සිද්ධියකට අදාළව බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ ඇත.

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අබලි යකඩ කපා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත ලබා දුන් ප්‍රකාශය සාමවිනිසුරුවරයෙකු හමුවේ සහතික කිරීමට ඔහු අද දිනයේ කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

Related posts

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

එල්ලුන් ගහට නියම වූ දෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකු ට එරෙහිව අධිචෝදනා භාරදෙයි

colombotoday

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

දඩුලේනුන් නිසා පොල් මිල ඉහළ යා හැකියි

Admin

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday