ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
ඉදිරියේ දී තවත් ප්‍රබල දේශපාලන තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බවත් නිමල් ලංසා ප්‍රකාශ කළ අතර සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු ආදී සියලු කරුණු මාධ්‍ය හමුවේ ඉදිරියේ දී හෙළි කරන බවද ඔහු කියා සිටියේය.