Colombo Today Local News

නාහිමි, ජනපති හමුව නිසා ඇමති අකිලගේ පළුවක් යයි !!

මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (06) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවිති සාකච්ඡාවේදීයි.

රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ ආදායම් සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳ මහා සංඝරත්නය එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර තිබෙනවා. මහාසංඝරත්නය අවධාරණය කළේ 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාවේ හත්වන පරිච්යඡේදයට අනුව එම දෙපාර්තමේන්තුවේ මුදල් පරිපාලන බලය පවතින්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට බවයි.

ඒ අනුව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් කිසිදු අයිතියක් නැහැ. කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් එය වෙනස් කරමින් අදාළ අරමුදල රේඛීය අමාත්‍යංශයට පවරා දෙන ලෙසට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කැබිනට් පත‍්‍රිකාව අවලංගු කරන ලෙසයි මෙම සාකච්ඡාවේ දී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා සමඳ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි. එමෙන්ම මතුව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා දඹුල්ල රජමහා විහාරස්ථානයට යවන බවටද ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.

 

Related posts

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

colombotoday

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

ආගම්වාදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඔටුවා දිනවන්න. හිස්බුල්ලා ඉල්ලයි

colombotoday

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday