Colombo Today Local News

විත්තිකරුගෙන් බලපෑම්.. අධිචෝදනා ගොනු කළේ වසර 10කට පසුවයි !

දෙවසරක කාලයකදී තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 415ක මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම සම්බන්ධව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව 2005 වසරේ පරීක්ෂණ ඇරඹුව ද විත්තිකරුගේ බලපෑම් හේතුවෙන් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කළ හැකිවූයේ 2015 වසරේ එනම් පරීක්ෂණ අරඹා දස වසරකට පසුව බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන සිල්වා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතාට පෙරේදා (03) දැන්වීය.

මේ නඩුව ඊයේ (03) කැඳවූ අවස්ථාවේ විත්තිකරුට එරෙහිව හදිසියේ නඩුව පවරා ඇති බවට විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එසේ පැවසීය.

නඩුවෙන් අධි චෝදනා ලැබ සිටින කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙරේදා (03) අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුට එරෙහි නඩුව ලබන අගෝස්තු 02 හා 03 දිනයන්හි විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කළේය.

අවශ්‍ය පරිගණක සාක්කි පරීක්ෂා කිරීම සඳහා විත්තියට ඊයේ (03) අවසර ලබාදුන් විනිසුරුවරයා පරිගණක සාක්කි සම්බන්ධව කරුණු දැක්වීම සඳහා නඩුව මෙම මස 19 වැනිදා කැඳවීමට ද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
2004 මාර්තු 31 හා 2006 මැයි 30 අතර කාලයේදී තම ආදායමෙන් උපයාගත නොහැකි මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරූ බවට අධි චෝදනා දෙකක් යටතේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මේ නඩුව පවරා ඇත.

Related posts

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

මාලිමාණ්ඩුව ක්‍රීඩාංගණයක නම වෙනස් කරන්න යයි

Admin

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday

දික්කසාද බිරිය අනියම් බිරියගේ ගෙල කපා ඝාතනය කරලා

Admin

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

පක්ෂයක් වෙනුවට කණ්ඩායමක් හදාගත් සජිත් හැමදාම මට පරාදයි- නාමල්

colombotoday