Colombo Today Local News

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

ආණ්ඩුව ඉදිරි වසර කිහිපය තුළත් අඛණ්ඩව පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට තවත් වසර දෙකහමාරක කාලයක් පවතින බැවින් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නොමැති බවයි.
ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහය දැක්වීමට කැමැත්ත පල කරන ඕනෑම පක්ෂයක් සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පවතින බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් නොමැති බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අද දෙරණට සඳහන් කළේය.
මේ හේතුවෙන් ආණ්ඩු වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර එම ප්‍රතිඵලයෙන් ජනතාව ආණ්ඩු වෙනසක් අපේක්ෂා කර නොමැති බව ද ඔහු පවසයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

බැදුම්කර වංචාවට මම සම්බන්ධ නෑ

Admin

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday

ලංකාවේදී පුහුණුව ලබා ISIS ත්‍රස්තයන්ට එකතු වූ යුවළක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි !

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

“බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ” – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday