කවුරුන් කෙතෙක් චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බහිරවයෙකු ලෙස කටයුතු කරන්නට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (03දා) පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දඹුලු ලෙන් විහාරයේ විනාශ වී යන බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට තමන් කටයුතු කළ බවත් එසේ මැදිහත්වීම් සිදුකරන විටඇතැමුන් තමන්ට බහිරවයා යැයි චෝදනා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.