Colombo Today Local News

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

asela

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ලෙස පෙනී සිටින අසේල සම්පත් නැමැත්තාගේ අයථා  ක්‍රියා පිලිබදව සවිස්තර වාර්තාවක් අපවෙත ලැබී තිබෙනවා.

කලකට පෙර නාවික හමුදා සෙබලෙකු ලෙස සේවය කර සහෝදර සෙබළුන්ගේ මුදල් සහ වටිනා භාණ්ඩ සොරගැනීමේ වරදට නාවික හමුදාවෙන් නෙරපා ඇති අතර පසුව තම ජිවනෝපාය සදහා නීති විරෝධී මත්පැන් පෙරීම සහ විකිණීම සිදුකර ඇති මොහු මේ සදහා 8 වතාවක් අධිකරණයේදී වැරදිකරුවී දඩුවම් ලැබූ පුද්ගලයෙකි.

කෙටි කාලයක් කොළඹ 7 NIBM ආයතනයේ ආපන ශාලාවක් පවත්වාගන ගොස් ඇති මොහු පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන් එම ආයතනයෙන් ඉවත් කර ඇති අතර, තම හිතවාදීන් මාර්ගයෙන් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ  ජාතික සංවිධායක ලෙස ලැබූ පත්වීම උපයෝගී කරගන ආපන ශාලා හිමියන්ගේ වැරදි පෙන්වා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් බේරා දීම සදහායි පවසමින් කප්පම් ගෙන ඇත.

නියාගම සමුපාකාර ග්‍රාමීය බැංකුවෙන් ලබාගත් ණයක් ආපසු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත විභාගවූ නඩුවක් සදහා පෙනී නොසිටීම හේතුවෙන් ඇල්පිටිය අධිකරණයෙන් වරෙන්තු කර ඇති අතර මොහු පිටිගල පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

Admin

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

colombotoday