Colombo Today Local News

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේ ඇති විහාරයට පැමිණෙන බැතිමතුන් විසින් පුණ්‍යාධාර දමනු ලබන ‘පිංකැට’ තිස්හතකට මහා බාරකාර මණ්ඩලය මගින් මුද්‍රා තබා ඇතැයි කන්දෙවිහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් අද (02දා) කන්දෙවිහාරයේදී පවසා සිටියේය.

මේ පිළිබඳ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රජපක්‍ෂ මහතාට දැන්වූවද විසඳුමක් නොලැබුණ බවත්, තමන් වහන්සේ ගිලන්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුව විහාරයට වැඩම කිරීමෙන් පසුව මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානයට නැවත යොමුකළ බවත් සඳහන් කළේය.

‘‘විහාර පරිපාලනයට ඇඟිලි ගසන්නට රජයට බලයක් නැතැයි’’ විෂය බාර අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා පසුගියදා සඳහන් කර ඇති බවත්, කන්දේවිහාරයේ ඇති මුද්‍රා තබන ලද පිංකැට පිළිබඳ අමාත්‍යවරයා නොදන්නේ නම් වහාම මැදිහත්ව මේ පිළිබඳව සොයා බලන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටී.

ඓතිහාසික කන්දේවිහාරයට දේශපාලන පක්‍ෂයක් හෝ වර්ණයක් නොමැති බවත්, එදා මෙදාතුර පත්වූ රජයන්හි රාජ්‍ය නායකයන් මෙම විහාරයේ ආගමික වතාවත්වලට පැමිණ ඇති අතර, ඒ හැමටම එක හා සමානව ආශීර්වාද ප‍්‍රාර්ථනා සිදුකිරීම මහා සංඝරත්නයේ වගකීම බවත් උන්වහන්සේ පැවසීය.

ඉපැරණි ඉතිහාසයක් ඇති මෙම විහාරයේ වත්මන් විහාරාධිපති වශයෙන් තමා 1977 සිට මේ දක්වා සුවිශේෂී වූ විහාර සංවර්ධනයක් ඉටුකළ බවත්, එම සංවර්ධන කටයුතු සිදු කළේ විහාර පිංබිමට පැමිණෙන බැතිමතුන්ගේ පුණ්‍යාධාර මගින් බවත් උන්වහන්සේ සඳහන් කළේය

එදා මෙදාතුර සිදු නොවූ මෙම විහාරයේ පිංකැට මුද්‍රා තැබීම වත්මන් රජය මගින් සිදුකිරීම පිළිබඳ තමන් වහන්සේ කනගාටු වන බවත් කන්දෙවිහාරාධිපති හිමියෝ සඳහන් කළහ.

Ada

Related posts

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday