Colombo Today Local News

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

ශ්‍රී ලංකා එංගලන්ත හතරවැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙන දකුණු ලන්ඩනයේ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඉදිරිපිට කොටි හිතවාදීහු විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති.

එහිදී ඔවුන් පවසා සිටියේ, ශ්‍රී ලංකා රජය හා හමුදා දෙමළ ජනතාව සමූල ඝාතනය කර ඇති අතර, යුද අපරාධ සිදු කළ බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකා රජය, රාජ්‍ය නායකයන් හා යුද හමුදා උසස් නිලධාරීන් වරදකරුවන් කරවා නිසි දඬුවම් ලබා දිය යුතු බවත්ය.

ශ්‍රී ලංකාවේ උතුරු කරය දෙමළ නිජ බිම ලෙස පිළිගෙන වෙනම දෙමළ ඊළාම් රාජ්‍යය පිහිට විය යුතු බවද කොටි හිතවාදී විරෝධතාකරුවෝ පවසති.

මීට වසර කිහිපයකටත් ප්‍රථම මේ ආකාරයෙන්ම කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී මෙවැනිම විරෝධතාවක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කුපිත කල කොටි හිතවාදීන් විශාල ගැටුමක්ද ඇති කළ අතර, පසුව වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නගරයේ සොෆියා ක්‍රීඩාංගණයේ පැවැත්වූ තරගයේදී ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට යකඩ පොලුවලින් එලව එලවා පහර දුන් කොටි හිතවාදීහු කාන්තාවකට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල කළහ. ඕවල් ක්‍රීඩාංගණයේ සිද්ධිය මග හරවා ගැනීමට ඕනෑතරම් අවස්ථාව තිබුනද එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේත් එංගලන්තෙත් ක්‍රිකට් බලධාරීන් නිසි ආරක්ෂක ක්‍රියා මාර්ග නොගැනීමත්, තානාපති කාර්යාලය නිශ්ශබ්දව සිටීමත් නිසා තත්ත්වය දුරදිග ගිය බව පවසන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය, පොලීසිය සමගින් එක්ව තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ බව පවසයි.

ගියවරද ගැටුමක් ඇතිවීමට පෙර සුදුසු ආරක්ෂක ක්‍රියාමාර්ගයන් නොගත් නිසාවෙන් දෙපාර්ශ්වයටම බරපතළ හානි සිදුවූ බවත් මෙම තරගයේදී සුදුසු ආරක්ෂක පියවරක් නොගතහොත් තරගය අවසානයේදී ගැටුමක් ඇති විය හැකි බවද එම සංසදය දන්වා සිටියි.

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට

Related posts

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

colombotoday

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday